'' තීරණයේ වෙනසක් නෑ , නැවත විභාගය පවත්වන්නේ නෑ.. ''
Tuesday, 01 October 2024 - 9:32 | Views - 26
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.
ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ , මෙවන් අදහසක්..
දරුවන්ට සාධාරණයක් ඉටුවන අයුරින් පිට වී ඇති ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා. එසේම, අත්හිටුවා ඇති විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කරන බව ද ප්‍රකාශ කිරීමට කැමතියි.
කෙසේ වෙතත්, නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.
Share This Article