අද ලෝක ළමා දිනයයි !
Tuesday, 01 October 2024 - 7:59 | Views - 65
‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

'' දරුවන් රැකගමු - සමසේ සලකමු ''

ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ''දරුවන් රැකගමු සම සේ රැකගමු'' යන්නයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වන්නේ 1954 වසරේදීයි.

ළමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියළු දෙනා ළමුන් ලෙස සැලකෙනවා.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ''ලෝකය ළමයින්ටයි ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු'' යන්නයි.

''මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.

එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි.

කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට අපි සැම වගවෙමු'' යනුවෙන්.

මේ අතර, ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ''අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි”‍ යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම අප රජයේ අරමුණයි. රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට අපි කැප වී සිටිමු. ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්මයි.

එමෙන්ම, අධ්‍යාපන ආයතන ද ඇතුළුව සියලු‍ ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස අපි තරයේ විරුද්ධ වෙමු. ආදරය, කරුණාව, රැකවරණය සහ සතුට පිරුණු පරිසරයක හැදී වැඩෙන දරුවන් දයානුකම්පාව, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය සහිත පරම්පරාවක් නිර්මාණය කරයි. සෑමවිටම දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු.

අපි වැඩිහිටි දිනය සමරන මොහොතේ, අපේ රටේ ප්‍රගතියට මෙතරම් දායක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. 2024 ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම: ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වෙයි. වැඩිහිටියන් සඳහා, විශේෂයෙන් ශ්‍රම බලකායට දායක වෙමින් තම ජීවිත ගත කළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටියි. මේ වන විට නිවෙස් තුළ වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද වැඩි වැඩියෙන් දායක වීමට සිදු වී ඇතැයි යන කරුණ පිළිබඳව අපි ඉමහත් ලෙස සංවේදී වෙමු. සුරැකුම් කටයුතුවල වගකීම සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා පවුල්වලට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන බවට සහතික කිරීම අප රජයේ වගකීමයි.

අපගේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම සඳහා වැඩ කිරීමට අපි අත්වැල් බැඳ ගනිමු. සියලු‍ ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අපි දිවිහිමියෙන් කැප වී සිටිමු.'' යනුවෙන්.

මේ අතර, ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12න් පහළ සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබෙනවා.

ඊට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
(බිත්තර ගැන මේ ලිපිය යාළුවෙක් පළකරපු ලිපියක්...
Hiru Tv Blog
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක්...
Hiru Tv Blog
සමහරවිට ඔබත් මේ රෝගය නිසා පීඩාවට පත්වෙලා...
Hiru Tv Blog
කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ්‍රණය...
Hiru Tv Blog
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව...
Hiru Tv Blog
මේ දෙන්නාගේ අම්මලා තාත්තලා කලා ලෝකයේ කවුරුත් දන්න තරු.. ඒ නිසාම මේ පුංචි පොඩිත්තෝ...
Hiru Tv Blog
සුජානි - බිමල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පින් යුවලක්.. ඉතින්...
Hiru Tv Blog
කවුරුත් ආදරය කරන පියුමාලිගේ හිත හොරා ගත් ඒ කඩවසම් තරුණයා කවුද කියලා දැනගන්න...
Hiru Tv Blog
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන...
Hiru Tv Blog
ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ...
Hiru Tv Blog
Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top