තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට සිට..
Monday, 30 September 2024 - 14:02 | Views - 205
ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට(01) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන අතර, ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ලබන මස 4 වනදා සිට 11 වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනු ඇති.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

එහිදී තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකරන ආකාරය සහ ඊට අදාළ දින වකවානු තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ.

එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම සඳහා ඒවා නිවෙස් වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
නිරෝගිකම උතුම්ම ලාභය කොට සැලකුවද උදෑසන...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ  කදුකර ප්‍රදේශවල  හටගන්නා...
Hiru Tv Blog
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය...
Hiru Tv Blog
මළබද්ධය අප කා අතරත් පවතන සුලබ රෝග තත්වයක්.කුඩා...
Hiru Tv Blog
දන්නවාද මඤ්ඤොක්කා හා ඉඟුරු එකට ආහාරයට...
Hiru Tv Blog
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක්...
Hiru Tv Blog
යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම සරාගී තාරකාවක්... ඇයට ගින්දර වගේ ආකාර්ශණීය රූපයක්...
Hiru Tv Blog
ටීනා ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..ඇය මනාලියක් වන ඒ ලස්සන...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්...
Hiru Tv Blog
Thursday, 20 February 2025
Hiru Tv Blog 6,114 Views
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම...
Hiru Tv Blog
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top