තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට සිට..
Monday, 30 September 2024 - 14:02 | Views - 274
ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට(01) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන අතර, ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ලබන මස 4 වනදා සිට 11 වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනු ඇති.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

එහිදී තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකරන ආකාරය සහ ඊට අදාළ දින වකවානු තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ.

එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම සඳහා ඒවා නිවෙස් වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top