ඉන්ධන මිල අද වෙනස් වෙයිද ?
Monday, 30 September 2024 - 9:01 | Views - 818
මාසික ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී , පසුගිය මාසයේ අවසන් දින සිදු කෙරුණු පසුබිමක යි.

කෙසේවෙතත්, පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ.

ඒ අනුව පසුගිය මිල සූත්‍රයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළ අතර එය මේ වනවිට රුපියල් 332කට අලෙවි කරනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක්.

රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352ක් භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි කෙරෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top