ලෝක ළමා දිනයට , නොමිලේ ලැබෙන අවස්ථා..
Monday, 30 September 2024 - 8:46 | Views - 451
ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව, දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සඳහා මෙසේ නොමිලේ ඇතුලුවීමට පහසුකම් සලසා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කළේ.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු පවසනවා.

දරුවන්ගේ අධ්‍යාපන දැනුම වැඩි දියුණු කිරීම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top