දිස්ත්‍රික්ක හතරක් , මහ මැතිවරණයේදී වෙනස් වෙන්නේ මෙහෙමයි..
Thursday, 26 September 2024 - 10:06 | Views - 251
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව, ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා.
මේ අතර, 2023 ඡන්ද නාම ලේඛනයට අනුව, ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
එමෙන්ම 2023 ඡන්ද නාම ලේඛනයට අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර 19ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18ක් බවට පත්ව තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6ක් දක්වා යි.
කෙසේ වෙතත්, අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැති බවද සඳහන්.
Share This Article