හිස් වූ පුටුවට ආ ලක්ෂ්මන් නිපුණආරච්චි
Tuesday, 24 September 2024 - 8:19 | Views - 348
2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක, ජනාධිපති ලෙස තේරී පත්වීම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් සිදු වී තිබුණා.
එලෙස පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා, ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම ගැසට් කර තිබෙනවා.
ඒ ඔහු පෙර මැතිවරණයේදී ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා වන නිසා බවටයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව ,හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ලැබුවා.
අගමැතිවරයා එලෙස ධුරයෙන් ඉල්ලා අස්වූ විට , කැබිනට් මණ්ඩලයද එතැන් සිට අහෝසි වනු ඇති.
Share This Article