ජනපතිගෙන් කාදිනල් හිමිපාණන්ට සහතිකයක්..
Tuesday, 24 September 2024 - 7:59 | Views - 278
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙලිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වහන්සේ ඊයේ(23) බැහැ දැකීමෙන් අනතුරුව මෙසේ සඳහන් කළ බවයි කාදිනල් හිමියන් සඳහන් කළේ.

අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ද පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

ඊයේ, සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ මහනුවර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.

එමෙන්ම, ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහාවිහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top