ජනපතිගෙන් කාදිනල් හිමිපාණන්ට සහතිකයක්..
Tuesday, 24 September 2024 - 7:59 | Views - 279
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙලිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වහන්සේ ඊයේ(23) බැහැ දැකීමෙන් අනතුරුව මෙසේ සඳහන් කළ බවයි කාදිනල් හිමියන් සඳහන් කළේ.
අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ද පැමිණ ආශිර්වාද ලබා ගත්තා.
ඊයේ, සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ මහනුවර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.
එමෙන්ම, ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබුවා.
අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහාවිහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා.
Share This Article