මෙරට 09 වැනි විධායක ජනාධිපති ලෙස, අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි (Video)
Monday, 23 September 2024 - 10:37 | Views - 723
ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා.ඒ අනුව, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දී යි. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි වුණා.2024 ජනාධීපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැති අතර එහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට පරාජයට පත් කළා.
Share This Article