දිවයින පුර ඇඳිරි නීතිය පැනවෙයි.. (Video)
Saturday, 21 September 2024 - 21:39 | Views - 318
අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.කෙසේ වෙතත්, 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ හොඳම මැතිවරණය ලෙස හඳුන්වනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර සිටියා.විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සාමකාමී වූ බවත්, ඡන්ද විමසීමේදී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බවත් එහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) සවස නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.ඡන්දය ප්‍රකාශ කිරීම පෙරවරු 7.00 ට ආරම්භ වී පස්වරු 4.00 ට අවසන් වූ අතර රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවා තිබුණා.ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවමින් කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවතීමත් විශේෂත්වයක්.

Share This Article