තව පැයකටත් අඩු කාලයයි තියෙන්නේ , ඔබේ ඡන්දයත් ඉක්මණින් භාවිත කරන්න..
Saturday, 21 September 2024 - 15:22 | Views - 247
ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම සදහා තවත් පැයකට අඩු කාලයක් ඉතිරිව තිබෙනවා.
කෙසේවෙතත්, මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක කියා සිටියේ, එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.
මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම මේ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බවයි දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් ප්රකාශ කළේ.
ඒ අනුව, කොළඹ, ගම්පහ, පොළොන්නරුව, ත්රිකුණාමලය, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්රික්කවල ඡන්දය භාවිත කිරීම මේ වනවිට සියයට 50 ක් ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම වන්නි, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලද ඡන්දය භාවිතා කිරීම සියයට 40 ඉක්මවා තිබෙනවා.
මීට අමතරව මඩකලපුව සහ යාපනය යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීම සියයට 20 ඉක්මවා ඇති බවයි තේරීම්භාර නිළධාරීන් සදහන් කළේ.
Share This Article