තව පැයකටත් අඩු කාලයයි තියෙන්නේ , ඔබේ ඡන්දයත් ඉක්මණින් භාවිත කරන්න..
Saturday, 21 September 2024 - 15:22 | Views - 248
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තවත් පැයකට අඩු කාලයක් ඉතිරිව තිබෙනවා.

කෙසේවෙතත්, මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක කියා සිටියේ, එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම මේ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව, කොළඹ, ගම්පහ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීම මේ වනවිට සියයට 50 ක් ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම වන්නි, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලද ඡන්දය භාවිතා කිරීම සියයට 40 ඉක්මවා තිබෙනවා.

මීට අමතරව මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඡන්දය භාවිතා කිරීම සියයට 20 ඉක්මවා ඇති බවයි තේරීම්භාර නිළධාරීන් සදහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top