ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් අත්අඩංගුවට..
Saturday, 21 September 2024 - 13:52 | Views - 355
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීමේදී ඡන්ද මධ්‍යස්ථානයක් තුළම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, නායන්මාර්කට්ටු මහේෂ්වරී විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ දී, අදාළ සිදුවීම අද(21) පෙරවරුවේ සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
එම පුද්ගලයා වයස අවුරුදු 19 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මේ වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article