මෙතෙක් කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නැහැ , පැෆරල් කියයි..
Saturday, 21 September 2024 - 12:50 | Views - 336
ඡන්ද විමසීම ආරම්භ වී මේ දක්වා බරපතල තත්ත්වයක් වාර්තා නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
ඒ අනුව, සුළු සිදුවීම් 35 ක් පමණක් අද (21) දිනයේ වාර්තාවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article