ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය, තාවකාලිකව අත්හිටුවයි
Friday, 20 September 2024 - 13:21 | Views - 254

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය , තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් තිලකා ජයසුන්දර මේ බව සඳහන් කළා.

විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වුණේ.

එසේම, ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද තිලකා ජයසුන්දර සඳහන් කළා.

“අපි පහ වසර ශිෂ්‍යත්ව විභාගය තියන්නේ, දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්නට. අද මේ විභාගය තරගකාරි විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මේ විභාගය තුළ මෙවැනි සිද්ධියක් සිදු වුණා නම් අපේ කුඩා දරුවෝ තමයි බරපතළ පීඩාවට ලක්වෙලා තියෙන්නේ.

ඒක නිසා අපි අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා දෙමාපියන්ට කලබල නොවී දරුවන්ගේ මානසිකත්වය නිරවුල්ව තියන්නට කියලා.

මේ දරුවන්ට මේ අසාධාරණය සිදු කරන්න යම් පිරිසක් මැදිහත්වෙලා තියෙනවා නම්, ඒ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.

ඒ වගේම විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒකත් අපි තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු.”
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top