ශිෂ්‍යත්වය අයෙත් තියයි ද ? මෙන්න නවතම හෙළිදරව්ව
Friday, 20 September 2024 - 9:18 | Views - 366
ආන්දෝලනයට ලක්වුණු ශිෂ්‍යත්ව විභාගය ආයෙත් පවත්වයිද..?
පසුගිය ඉරිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා..
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, එම පරීක්ෂණ අවසන් වූ වහාම ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවයි..
විභාගයට පෙනීසිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබුවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්..
ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවල සමානකමක් පැවතීම හේතුවෙන් ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා පෙරේදා පියවර ගත්තා..
ඒ අනුව, සිය දරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන හෙයින් ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගුරුවරුන් සහ දෙමාපියන් ඊයේ (19) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල ද නිරත වුණා..
Share This Article