ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි..
Wednesday, 18 September 2024 - 17:06 | Views - 337

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතු වනවා.

https://eservices.elections.gov.lk යන මැතිවරණ ඊ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න.

එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවුම යන ඊ-සේවාව වෙත පිවිස, ජාතික හැඳුම්පත් අංකය යොදා තොරතුරු සොයා ,
ලැබෙන තොරතුරු අතුරින් මැතිවරණය සඳහා ලියාපදිංචි තොරතුරු ජනාධිපතිවරණය - 2024 වෙත පිවිසෙන්න.

එවිට 2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු දිස්වෙනු ඇති අතර,

එයට පහළින් ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර, ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවන්න.

ඒ සමඟම ඔබගේ ජංගම දුරකතනයට කේතයක් ලැබෙන අතර, එම කේතය "Enter the code" යනුවෙන් දිස්වෙන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගැනීමට පුළුවන්.

ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා , නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවක් නොවන අතර, 2024 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතාව සනාථ කිරීම ප්‍රමාණවත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.



Monara


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top