නව පාසල් වාරයට පෙර , සිසුන්ට ලැබෙන විශේෂ දේ..
Wednesday, 18 September 2024 - 16:00 | Views - 463

චීන රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන්, පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව,නොවැම්බර් මස 13වන දින එහි පළමු තොගය ද, නොවැම්බර් මස 21වන දින එහි දෙවන තොගය ද, දෙසැම්බර් මස 20වන දින එහි තෙවන තොගය ද, ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර තිබෙනවා.

මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවීම මඟින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක්.

එමෙන් ම නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20වන දිනට පෙර බෙදා හැරීමට නියමිතයි.

මෙම ප්‍රදානය ලබා දීම පිළිබඳව චීන රජයටත් චීන තානාපතිතුමන්ටත් සිය ස්තූතිය පුද කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top