නිහඬ කාලයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන්න විශේෂ වැඩපිළිවෙළක්..
Wednesday, 18 September 2024 - 10:23 | Views - 221
අද (18) මධ්‍යම රාත්‍රියෙන් උදා වෙන , නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය මගින් දේශපාලන ප්‍රචාර නොකරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
එසේම, එම නිහඬ කාලය සෑම මාධ්‍යයකටම වලංගු බව ප්‍රකාශ කරන මැතිවරණ කොමිසම, සමාජ මාධ්‍යය හැසිරීම පිළිබඳව කටයුතු නිරීක්ෂණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව ද පවසා තිබෙනවා.
තවද, දේශපාලන ප්‍රචාරණ කටයුතු විශේෂ නිරික්ෂණයකට භාජනය කර, කඩිනම් නීතිමය පියවර ගැනීමට කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
Share This Article