දෙහිවලදී වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා, ජීවිතක්ෂයට..
Monday, 16 September 2024 - 7:19 | Views - 499
දෙහිවල බඩෝවිට ප්රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක් බවයි සඳහන්.
යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය සිදුකරනු ලබනවා.
Share This Article