ශිෂ්‍යත්ව විභාගයට උපදෙස් මාලාවක්..
Friday, 13 September 2024 - 14:47 | Views - 327

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන 15 වැනි ඉරු දින පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වෙනකොට විභාගය පැවැත්වීම සඳහා සියල්ල සූදානම් බවයි.

එමෙන්ම ප්‍රශ්න පත්‍ර ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මේ වනවිට නිකුත් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 323,879ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී විභාගයට පෙනී සිටීමට නියමිතයි.

තවද , විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාග මධ්‍යස්ථාන 7කදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට එහි සිට විභාගයට මුහුණදීම සඳහා ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

කොටස් දෙකකින් යුත් ශිෂ්‍යත්ව විභාගයේ පළමුව දෙවැනි පත්‍රය පැවැත්වෙන අතර, එය පෙ.ව. 9.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පෙ.ව. 11.15ට පැයක කාලයක් පැවැත්වෙන පළමු පත්‍රය ආරම්භ වනවා.

මෙහිදී විශේෂ දැනුම්දීමක් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, පෑනෙන් ලියනවා නම් කළු හෝ නිල් පෑන් පමණක් භාවිත කළ හැකි බවයි.

ඒ හැරෙන්න වෙනත් වර්ණ භාවිත කිරීමට අවසර නොමැති බව සඳහන්, කෙසේ නමුත් පැන්සලෙන් ලියනවා නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද සඳහන් වුණා.

ඊට අමතරව මකන කෑල්ලක්, අඩි කෝදුවක්, වතුර බෝතලයක් විභාග ශාලාවට රැගෙන යා හැකි බවත්, ෆයිල් කවර, ස්මාට් වර්ගයේ ඔරලෝසු රැගෙන යාමට අවසර නොමැති බවද වැඩිදුරටත් සඳහන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top