පවුල් ආරවුල ගිය දුර , අන්තිමේ ජීවිතයටත් තිත..
Friday, 13 September 2024 - 13:19 | Views - 363
තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද (13) උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී මෙම සිදුවීම සිදුවූ බවටයි සඳහන් වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක්.
පසුගිය 11 වනදා ඇය සිය දරුවා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ඇති අතර, සිය දරුවා අද උදෑසන පාසලට රැගෙන යමින් සිටියදී සැමියා මාර්ගයේ සැඟව සිට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය වූ බිරිඳ සහ සැමියා අතර ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇය සිය මවගේ නිවසේ සිට ඇති අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
ඝාතනය සිදු කළ සැකකරු හඳුගල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන අතර මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර,
දෙයියන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article