දුර දිග ගිය දුරකථන හබය අවසානයේ නතර වුණු තැන..
Thursday, 12 September 2024 - 13:30 | Views - 279
යකඩ කූරකින් හා පිහියකින් පහර දී අඹු සැමි යුවලකට තුවාල සිදු කළ පිය -පුතු දෙපලක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, මාදම්පේ ඇහැලලන්ද ගල්මුරුව ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර,
ඇය මේ වන විට ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තවද තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වන ඇයගේ ස්වාමි පුරුෂයා ද ප්රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඊයේ (11) පෙරවරුවේ මෙම පහර දීම සිදු වී තිබෙන අතර, දුරකතනයක් පිළිබඳ ව ඇති වූ කතාබහක් පහරදීමට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article