හැඳුනුම්පත නැත්නම්, ඡන්දය දාන්න තාවකාලික හැඳුනුම්පතක්..
Monday, 09 September 2024 - 10:41 | Views - 227
ඡන්දය ප්රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
දිස්ත්රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි අතර, ප්රදේශයේ ග්රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි එම කොමිසම සඳහන් කළේ.
Share This Article