සියල්ලන් හඬවමින් අවසන් ගමන් ගිය තනුජාගේ නොඇසූ කතාවක් එළියට..
Thursday, 05 September 2024 - 9:55 | Views - 345

කුරුණෑගල, උහුමීය, කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තනුජා දිල්රුක්ෂි වික්‍රමනායක නමැති 30 හැවිරිදි විවාහක තරුණියගේ මරණය ගැන ඊයේ (04) බොහෝ දෙනෙක් කතා කළා..

ඒ ඇගේ මරණය සිදුවුණේ කොහොමද කියන එක ඇත්තටම බොහෝ පිරිසකට ප්‍රශ්නාර්ථයක් වුණ නිසායි.. කොහොම වුණත් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන...

නිව්මෝනියා උණ රෝගයට ගොදුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්වූ බව කියන සංවර්ධන නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා..

මීට වසරකට පමණ ඉහතදී විවාහවී ඇති ඇය කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ තම සැමියාගේ නි‍ෙවසේ පදිංචිව සිටියදී පසුගිය 30 වැනිදා උණ රෝගයට ගොදුරුව ඇත. එම උණ තත්ත්වය නිව්මෝනියාවට හැරීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ඉකුත් පසුදින 31 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවුණු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබා දිය යුතු වුවද, එහි ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එදිනම රාත්‍රියේ තෙල්දෙණිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබුණා...

මේ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඇය සිහිසුන් තත්ත්වයට පත්කර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත යවා ඇති බව පැවසුවා.. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එදිනම රාත්‍රියේ මරණයට පත්ව ඇති බව යි..

කුරුණෑගල, කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තනුජා දිල්රුක්ෂි වික්‍රමනායක කොළඹ වාණිජ මහාධිකරණයේ උපාධිධාරි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන වික්‍රමනායකගේ දියණියක වනවා..



Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top