13වනදා සිට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි..
Wednesday, 04 September 2024 - 16:57 | Views - 1,475

ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල් වලට ලබන 13 වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝ පියස් පවසනවා.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට මේ මස 13 සිට 24 දින දක්වාත්, ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් නිලධාරීන් ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාර මහා දේවි බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන අතර, ජනාධිපතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවද සදහන්.

බදුල්ල මඩ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාලිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත යැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝ පියස් මහතා වැඩිදුරටත් පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top