හෙටින් ඇරඹෙන ඡන්ද සලකුණු කිරීම..
Tuesday, 03 September 2024 - 9:46 | Views - 342

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්දදායකයන්ට සිය ඡන්දය සලකුණු කිරීම හෙට (04) සහ අනිද්දා (05) දිනයන්හි අදාළ සේවා ස්ථාන වල දී පහසුකම් සලසන ලෙස තේරීම්භාර නිලධාරීන් වෙත දන්වා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේනදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්ෂාව සැපයීමට හා අධික්ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදු වී ඇති හෙයින්, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සහ මැතිවරණ කාර්යාල වල තැපැල් ඡන්දය සලකුණු කිරීම 2024.09.04 වෙනි දින හා සියලුම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු, පොලිස් කාර්යාල හා පොලිස් ස්ථාන 2024.09.04 හා 2024.09.06 යන දෙදින සිදු කිරීමට නියමිත බවය.
ඉහත සඳහන් දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු තැපැල් ඡන්දදායකයකුට 11 වනදා හා 12 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ඒ සඳහා පහසුකම් සලසා දී තිබෙනවා.
මේ අතර තැපැල් ඡන්ද සලකුණු කරන අවස්ථාව නිරීක්ෂණය සඳහා එක් සහතික කිරීමේ නිලධාරි කාර්යාලයක් වෙත අපේක්ෂකයකු වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (PAFFREL) හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) යන නිරීක්ෂණ ආයතන වෙනුවෙන් එක් නිරීක්ෂකයකු බැගින් පත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අදාළ සහතික කිරීමේ නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු කිසිවකුටත් නිරීක්ෂණ සංවිධනයක් වෙනුවෙන් එම ආයතනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයේ නිරීක්ෂණ කටයුතු වල නිරත විය නොහැකිය.
තවද, මෙම ස්ථාන වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සහකාර තේරීම්භාර නිලධරයන් හා සහායක නිලධරයන් යොදවනු ඇත. එයට අමතරව එම ස්ථානවල සහතික කිරීමේ නිලධාරියාට සහාය වීම සඳහා තම කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු හා සහායකයකු හෝ දෙදෙනෙකු වැනි කුඩා පිරිසක් කටයුතු කරනු ඇත.
තැපැල් ඡන්දදායකයන් වශයෙන් පිළිගෙන ඇති අයට පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයකට ඇතුළු වීමට අවසර තිබෙනවා.
තැපැල් ඡන්දය සලකුණු කිරීම්, තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිග්ර ජායාරූපගත කිරීම, වීඩියෝ ගත කිරීම තහනම් වේ.
එමෙන්ම මැතිවරණ නීතියේ සඳහන් වරදවල් වන ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසන සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි පරිශ්‍රයේ අපේක්ෂකයෙකුගේ අපේක්ෂකත්වය ප්‍රදර්ශනය නොකළ යුතු ය, ඒ වෙනුවෙන් අත් පත්‍රිකා නොබෙදිය යුතු ය, එම ස්ථාන වල දී ඡන්දය ආයාචනය කිරීම හෝ අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස ඡන්දහිමියකු පෙළඹවීම වරදකි එම ස්ථාන වල හෝ තදාසන්නයේ ඡන්ද විමසීමට බාධා වන කිසිදු ක්‍රියාවක් නොකළ යුතුය, ඡන්දය ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් හෝ ලකුණු නොකරන ලද ඡන්ද පත්‍රිකාවක් හෝ එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ දැරීම ද වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.
එමෙන්ම ලකුණු කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවක් කිසිවෙකුට ප්‍රදර්ශනය කිරීම තහනම් ක්‍රියාවක් වන අතර එය අවුරුදු දෙකක් බන්ධනාගාර ගත කළ හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් ඡන්ද දායකයින්ට දන්වාසිටියා.
ලකුණු නොකළ හෝ ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කිරීම හෝ වීඩියෝ කිරීම හෝ එසේ ලබා ගන්නා ඡායාරූප සමාජ ජාල මාධ්‍ය ඇතුළු ඕනෑම මාධ්‍යයක් හරහා ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර, එසේ කිරීමට දරන ප්රයත්න පවා මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩ කිරීමක් ලෙස සලකා ක්‍රියා කරනු ලබනවා.
ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කරන ලෙස තැපැල් ඡන්දදායකයෙකුට බල කිරීම හා එසේ පෙන්වීමද වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.
එමෙන්ම තැපැල් ඡන්දය පාවිච්චි කරනු ලබන ස්ථාන වල කටයුතු සාමකාමීව පවත්වා ගෙන යාම සඳහා පොලිසියේ සහාය ලබා දෙන අතර තැපෑලෙන් ඡන්දය දීමේදී ඡන්දදායකයා විසින් ස්වකීය ඡන්දය සලකුණු කර ඇති ආකාරය කිසිවෙකුටත් සොයාගත නොහැකි බවත්, සියළුම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද නිදහස් හා රහස්‍ය ලෙස සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවත් යම් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කලහොත් එකී ස්ථානයේ ඡන්ද වීමසීම අවලංගු කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.
Share This Article