රුපියල් 44,500කට ගුවනින් යන්න මෙන්න අවස්ථාව..
Monday, 02 September 2024 - 11:50 | Views - 436

ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර, ඉන්ඩිගෝ එයාර් ලයින් (Indigo Airlines) ගුවන් සේවය ඊයේ (01) ආරම්භ කළ අතර, පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52ක් යාපනය වෙත පැමිණ තිබෙනවා.

එසේ පැමිණි ගුවන් යානය සාම්ප්‍රදායන්ට අනුකූලව ජල ප්‍රහාරවලින් ගුවන් තොටුපලේදී පිළිගත් අතර, මගීන් සියලු දෙනාද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ට යාපනයේ පාරම්පරික ආහාර පානවලින් සංග්‍රහ කර තිබෙනවා.

මෙම ගුවන් සේවය මගින් රුපියල් 44,500කට ඉන්දියාව හා යපනය අතර යාමට හා ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියි.

එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කර ඇති බව සඳහන්.

ඊයේ දිනයේ දී යාපනයේ සිට චෙන්නායි දක්වා මගීන් 74ක් පිටත්ව ගොස් තිබෙනවා.

චෙන්නායි සිට පස්වරු 1.55ට පිටත්වන මෙම ගුවන් යානය පස්වරු 3.10ට යාපනයට ළගාවෙන අතර, අනෙක් ගුවන් වාරය පස්වරු 3.55ට යාපනයෙන් පිටත් වී පස්වරු 5.10ට චෙන්නායි වෙත ළගාවෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top