කිරිවෙහෙර බබළවන මාහැඟි පිංකම වසර 25ක් පුරාවට ආලෝක පූජාව හිරුගෙන්.. (Video)
Monday, 02 September 2024 - 7:43 | Views - 160

ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට වසර 25ක කාලයක් පුරා නොමිලේ ආලෝකය සැපයීමේ මහා ආලෝක පූජා උතුම් පුණ්‍යකර්මයට අද (01) මුල පිරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.
ඒ අනුව කිරිවෙහෙර සෑ රදුන් සහ පුදබිම ආලෝකවත් කිරීම වෙනුවෙන් විශාල සුර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම අද (01) ආරම්භ කෙරුණා.
ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට වසර 25ක් පුරා ආලෝකය නොමිලේ සැපයීම වෙනුවෙන් ලක්ෂ 150කට වැඩි පිරිවැයක් දරමින් සූර්ය පැනල පද්ධතියක් සසුනට පූජා කෙරෙනවා.
එම උතුම් සද්කාර්යය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින් අද සිදු කෙරුණා.
මෙය ඉදිකිරීමෙන් පසු වසර 25ක් පුරාම, කිරිවෙහෙර පුදබිමේ සියලුම විදුලි අවශ්‍යතාව සැපයෙන්නේ කිසිදු වියදමකින් තොරවයි.
ඒ අනුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන්ගේ අසිරිය මින් මතුවට වසර 25ක් පුරා හිරුගේ ආලෝකයෙන් ප්රභාවත් වනු ඇති.
මෙරට සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරන මෙම හිරු ශ්රද්ධාලෝක පූජාව කරනු ලබන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් කරන මහා කඨින පින්කමට සමගාමීවයි.
ශ්‍රී ලාංකීය බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසන ඉතිහාසයේ උන්නතිය වෙනුවෙන් අප්රමාදී සම්මා වායාමයක නිරත වන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් සිදු කළ මෙම මාහැඟි පුණ්‍යකර්මය කිරිවෙහෙර පුද බිමේදී පැවැත්වුණේ කිරිවෙහෙර රජ මහා විහාරාධිපති මහා විහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.
Share This Article