ඉතිහාසය වෙනස් කරයි ද ? ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් අබියස..
Thursday, 29 August 2024 - 16:01 | Views - 2,199

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් ලොවේ රන් දෙවොල ලෙස හඳුන්වන ලොර්ඩ්ස් ක්‍රීඩාංගනයේ තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ජයක් ලබාගෙන නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝර්ඩ්ස් හී ටෙස්ට් තරග 8කට මුහුණ දී ඇති අතර, එයින් තරග දෙකක් පරාජය වී ඇති අතර ඉතිරි තරග 6ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

කෙසේ නමුත්, ඉතිහාසය ගත් කල මෙම පිටියේ ජයග්‍රහනයන් වඩාත්ම හිමිව ඇත්තේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් බවටයි වාර්තා වෙන්නේ.

කොහොම වුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණෙන් ලෝර්ඩ්ස් පිටියට පිවිසීමට නියමිතයි.

ලොර්ඩ්ස් පිටියේ ශතකයක් ලබා ගත් පිතිකරුවකු ලෙස වර්තමානයේ කණ්ඩායම නියෝජනය කරන්නේ ඇන්ජලෝ මැතිව්ස් පමණයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top