පොඩ්ඩන්ට කරදර කරන ශිෂ්‍යත්ව විභාගය..
Thursday, 29 August 2024 - 14:06 | Views - 534
පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට ඇතැම් මව්පියන් විසින් ලබාදෙන පීඩනකාරී තත්ත්වය නිසා ඔවුන් රෝගී රැසකට ගොදුරු වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිසා මව්පියන් විසින් දරුවන්ව පීඩාවට පත්කිරීම හේතුවෙන් ඔවුන් බියවී බඩේ කැක්කුම, වමනය, හිසේ කැක්කුම සහ නිසි ලෙස ශරීර කෘත්‍යන් සිදු නොවීම ආදී රෝගී රැසකට මුහුණ දී ඇති බවයි.
එසේ රෝගී වූ දරුවන් රැසක් දිවයින පුරා සෑම රෝහලකින්ම පාහේ වාර්තාවන බවයි වෛද්‍යවරයා පැවසුවේ.
කෙසේ වෙතත්, දරුවන්ගේ මානසික මට්ටමට හානියක් නොවන ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය දැක්වීමට මව්පියන් පියවර ගත යුතු බවද
එමෙන්ම දරුවන්ට ඔවුන්ගේ පාඩම් වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන ලෙසද වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article