ක්ලබ් වසන්තගේ සිද්ධියට හිටපු මන්ත්රීවරයෙක් අත්අඩංගුවට.. (Video)
Thursday, 29 August 2024 - 10:17 | Views - 528
කතා මවන අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැන විශේෂ අනාවරණයක්.. සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් තවත් තොරතුරක් හෙළිව තිබෙනවා...මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙක්වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර, ඊයේ එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා...පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ...


Share This Article