'' බෙල්ලට පැටලිලා තිබුණා සරුංගලයක තංගුස් නූලක්.. බයික් එක නවත්ත ගත්ත නිසා ඔහොම හීරිලා මගෙ ජීවිතේ බේරුනා ! ''
Wednesday, 28 August 2024 - 12:22 | Views - 345
හැම වෙලාවකම අපි විනෝදයට කරන දෙයක් වුණත් දෙපාරක් හිතන එක වැදගත්..

මොකද අපි නොහිතුවාට සමහර වෙලාවට විනෝදයත් එක්කම අපේ ජීව්තයට හිතන්නේවත් නැති විදිහේ කරදර ළඟ වෙන්න පුළුවන්.. 

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ සිද්ධියක් ගැන.. පොඩ්ඩන්ගේ නිවාඩු කාලෙට වගේම, සති අන්තයේ ගෝල්ෆේස් පිටිය ගොඩක් කාර්යබහුලයි..

ඒත් ඒ විනෝදය ඇතුලේ ඇසෙන නොහිතන විදිහේ කතාවක් මේ..

මේ මුහුණුපොතෙන් අහන්න ලැබුණ කතාවක්..

'' තව මීටර් 10ක් 15ක් බයික් එක ගියා නම් මගෙ පුතාට අප්පච්චි කෙනෙක් නැතිවෙනවා..
මගෙ බිරිඳට එයාගෙ ආදරණීයම කෙනා වන මම නැතිවෙනවා, මගෙ අම්මටයි, අප්පච්චිටයි මම නැතිවෙනවා..
මගෙ නංගිටයි,මල්ලිලා දෙන්නටයි එයාලගෙ ලොකු අයියා නැති වෙනවා.
හරියටම ප:ව 4:45 ට විතර මම බයික් එකේ කොල්ලුපිටිය පැත්තට ගියා ගෝල්ෆේස් ළඟින්. වාහන ටිකක් වැඩිත් නිසා 30kmph වගේ ගියෙත්. ITC Rathnadeepa එක ඉස්සරහින් යනකොට එකපාරම බෙල්ල හරහා මොකක් හරි පැටලුනා වගේ දැනුනා.. අතින් අල්ලාගත්තට බෙල්ලට හොඳටම හි ර උනා.. බයික් එක කොන්ට්‍රෝල් කරගෙන ඉක්මනින්ම නවත්තගත්තා.. ඒ වෙනකොට බෙල්ලට පැටලිලා තිබුණා සරුංගලයක තංගුස් නූලක්..
ඉක්මනින්ම නවත්තාගන්න පුලුවන් උන නිසා ඔහොම හීරිලා මගෙ ජීවිතේ බේරුනා!..
ඇත්තටම මට බය කියන එක මොකක්ද කියලා හොඳට දැනුනා.
මම කොටුව පොලිස් ස්ථානයට ගිහිල්ලා මේ බව දැනුවත් කලා. එසැණින්ම Police Mobile රථය එතනට යැව්වා...
කියන්න තියෙන්නෙ මිනිස්සු ලක්ෂ ගානක්, බයික් දහස් ගණන්, වාහන දහස් ගාණක යන ලංකාවෙ ප්‍රධානම පාරක් අයිනෙ අනාරක්ෂිතව මෙහෙම සරුංගල් යවන්න දෙන එක හරිද?...
මම නිසා බේරුනා. පොඩි දරුවො බයික්වල ඉස්සරහ දාගෙන යනවා.
ඒ වගෙ වෙලාවක මේ වගේ උනා නම්..
බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න!..
කාගෙ හරි වටිනා ජීවිතයක් නැතිවෙන්න කලින්.
මෙය සෑම ප්‍රදේශයකම සිදුවිය හැකි
අනතුරකි!... ''










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top