ඔයාත් ඕස්ට්‍රේලියාවට යන්නද ඉන්නේ , එහෙනම් මේ දැනුම්දීම ඔයාටයි..
Wednesday, 28 August 2024 - 8:56 | Views - 297
එළඹෙන 2025 නව වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, නව වසර සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව 270,000කට සීමා කරන බවයි ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ.
වාර්තාගත ලෙස විදෙස් සිසුන්ගේ පැමිණීම නිසා එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවද සඳහන්.
එමෙන්ම කොවිඩ් වසංගත කාලය තුළ සිසුන් සඳහා විවිධ සහන සැලසුවද වසංගතයෙන් පසු මේ වනවිට එරට විශ්ව විද්‍යාලවල විදේශීය සිසුන් සියයට 10කින් පමණ වැඩි බවයි වාර්තා වෙන්නේ.
එසේම , එරට රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුළත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කරන බවද සඳහන්.
Share This Article