ඉතිහාසයට එක්වුණු , ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ඇනා වික්ටෝරියා.. (Photos)
Wednesday, 28 August 2024 - 8:45 | Views - 392

ඇය දැන් නීතිඥවරියක්.. ඒත් ඇගේ විශේෂත්වයක් තියනවා.. ඒ මොකද්ද කියලා දන්නවාද...? ඇය විශේෂ අවශ්‍යතා සහිත තරුණියක්...

Down syndromeවලින් පෙළෙන නිසා තමයි ඇය මේ ලබාගත්ත උපාධිය ගැන හැමෝම කතා වෙන්නේ.. ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා ඉතිහාසයට එක් වන්නේ අන්න ඒ නිසායි..

ඇත්තටම ඇය ඇයටම අභියෝගයක් වෙමින් මේ ලබාගත් ජයග්‍රහණය ගැන අද ලෝකයම කතා වෙන්නේ අන්න ඒ නිසයි.. 25 හැවිරිදි ඇනා පීඩා විඳදරාගෙන ඇගේ සිහිනය සාක්ෂාත් කර ගත්තා..

ඇයට නීතීඥවරියක්වීම කළ නොහැක්කක් බව බොහෝ දෙනෙකු පවසා තිබුණත් ඇය සම්මත තත්ත්වයන් අතික්‍රමණය කරන්නට සමත්වුණා.. ඇනා තමගේ මේ නීතිඥ සිහිනය සැබෑවක් කරගත්තේ Universidad Autónoma de Zacatecas (BUAZ) වෙතින්..

ඒ විතරක් නෙවෙයි.. ඇගේ මේ ගමනට ඇගේ මව්පියන් වගේම ඇයට ආදරය කරන හිතවතුන් පවා හයියක් වෙලා තිබුණා.. ඒ වගේමයි ඇයට මේ ගමන යන්න උදව් කළ මහාචාර්‍යවරයා ඇගේ සෙවනැල්ල බව ඇනා මෙහිදී ස්තූතිවන්ත වෙමින් පවසා තිබුණා.. 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top