දසවෙනි වරටත් , ලෝක වාර්තාව අලුත් කළ, Almond Duplantis..
Monday, 26 August 2024 - 15:47 | Views - 378

2024 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් අදීරයක් ක්‍රියාත්මක වුණේ සිලීසියාහිදීයි.

මෙහිදී සුපිරි ක්‍රීඩක 24 හැවිරිදි ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් පිරිමි රිටි පැනිමේ ඉසව්වේ ලෝක වාර්ථාව යළි අලුත් කරන්නට සමත් වුණා.

10 වැනි වරටත් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කළ ඩුප්ලැන්ටිස්, මෙවර එය තවත් එක් සෙන්ටිමීටරයකින් ඉදිරියට රැගෙන ගියේ මීටර 6යි දශම 26ක උසක් තරණය කරමින්.

නිමා වූ පැරිස් ඔලිම්පික් උලෙළේ ද පිරිමි රිටි පැනිමේ ඉසව්වේ රන් පදක්කම ඩුප්ලැන්ටිස් දිනා ගන්නට සමත් වුණා.

මේ අතර, පිරිමි මීටර 3,000 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගන්නට නෝර්වේ ක්‍රීඩක ජේකෝබ් ඉන්ග්‍රබ්‍රිස්ටන්ට හැකියාව ලැබුණා.

ඔහු මෙම නව ලෝක වාර්තාව බිහිකළේ විනාඩි 7යි තත්පර 17යි දශම 55කින් තරගය අවසන් කරමින්.

පිරිමි මීටර 200 ඉසව්වේ ජය තහවුරු කර ගත්තේ බොට්ස්වානා ක්‍රීඩක ලෙට්ස්ලි ටිබොගෝයි.

ඔහු තරගය තත්පර 19යි දශම 83කින් අවසන් කළේ නව තරග වාර්තාව ද පිහිටුවමින්.

පිරිමි මීටර 100 ඉසව්ව ජය ගන්නට අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි සමත් වුණා.

ඒ තත්පර 9යි දශම 87කින් තරගය අවසන් කරමින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top