ඔන්න සුබ ආරංචියක් , දැන් හාරදහසක් ම ඉතිරියි..
Monday, 26 August 2024 - 12:54 | Views - 774
තේ වගාව සඳහා ආරම්භ කළ පොහොර සහනාධාර වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා..
මේ යටතේ රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්..
T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග පහේ මිල ගණන් අඩු කර තිබෙන බව අමාත්‍යාංශය පවසන්නේ..
ඒ අනුව, තේ සඳහා යොදා ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කර තිබෙනවා..
තේ වගාව සඳහා පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400 ක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දුන්නා..
Share This Article