බීමතින් ගේකට රිංගා උපන් ඇඳුමින් දුවපු පොලිස් කොස්තාපල්ට අන්තිමේ නවතින්න වෙලා තියෙන්නේ රෝහලේ..
Monday, 26 August 2024 - 10:11 | Views - 417

රාජකාරියේ නිරතව සිටිය දී අධික ලෙස මත්පැන් පානය කර තැබෑරුමක් අසල නිවසකට ගොස් නිල ඇඳුම් ගලවා නිරුවතින් බිම නිදා සිටි පොලිස් කොස්තාපල්වරයකු කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු නිරුවතින් එම නිවසේ සිට දිව ගොස් කම්බි වැටකින් රිංගා යාමට ගොස් එහි පැටලී තුවාල ලබා ඇති බවත්, ඔහු මේ වනවිට කයිට්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, කයිට්ස් පොලිසිය සඳහන් කරනවා.

මෙම නිලධාරියා පසුගිය 23 වැනිදා රාත්‍රී රාජකාරියේ යොදවා සිට ඇත්තේ පුංකුඩතිව්හි මඩත්තවේලිහි පිහිටි මාර්ග බාධකයේවන අතර, රාජකාරියට ඔහු ගොස් ඇත්තේද මත්පැන් පානය කර බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

එසේ මාර්ග බාධකයේ බීමතින් සිටිමින් ඔහු පුද්ගලයකුට පහරදීමක්ද කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් මුරපොළ වෙත පසුගියදා (24) අලුයම යන විට ඔහු එහි සිට නොමැති බව සඳහන්.

පුංකුඩතිව් තැබෑරුම අසල පිහිටි නිවසක ඔහු නිදාගෙන සිටින බවට එහි දී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව නිලධාරීන් එහි යන විට මෙම නිලධාරියා ඔහුගේ නිල ඇඳුම ගලවා නිරුවතින් බිම නිදාගෙන සිටිනු දැක තිබෙනවා.

මෙම නිලධාරියාව ඇහැරවා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

රාජකාරී වේලාව තුළ බීමතින් සිටීම, පොලිසියට අපකීර්තියක් ඇතිවන ආකාරයට නිරුවතින් නිවසක නිදාගෙන සිටීම ආදී කරුණු මුල්කරගෙන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ (25) පියවර ගෙන තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top