i phone 16 pro මාදිලිය ගැන නවතම දැනුම්දීමක්
Monday, 26 August 2024 - 7:34 | Views - 308
මේ වසරේ නිකුත් කිරීමට නියමිත i phone 16 පෙළගැස්ම හි "Pro" වඩාත්ම නිෂ්පාදනය වන මාදිලිය වනු ඇති බවට වාර්තා පළ වෙනවා.
ඇපල් සමාගම විසින් "Pro" මාදිලි වෙත වැඩි අවධානයක් දී ඇති බැවින් i phone 16 pro max මෙම වසරේ වඩාත්ම ජනප්‍රියම උපාංගය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මෙම වසරේ i phone 16 pro සහ i phone 16 pro max සමස්ත i phone 16 පෙළගැස්මට සාපේක්ෂව 67%ක නිෂ්පාදන අනුපාතයක් ඇති බව සඳහන්.
Apple Intelligence විශේෂාංගය ඇතුළු නවතම එකතු කිරීම් රාශියක් මෙම i phone පෙලගැස්මේ අළෙවියට රුකුලක්වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Share This Article