හොඳින් දීලා , නරකින් අරන්.. මාස අටට වාහන 5000ක් උස්සලා..
Sunday, 25 August 2024 - 14:34 | Views - 341
ගත වූ මාස අටක කාලය තුළ ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන 5000කට අධික ප්‍රමාණයක් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන තිබෙනවා.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ජාතික පුවත්පතක් මේ බව සඳහන් කළා.
පසුගිය වසරේ දී වාහන 10,000කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයට අත්පත් කරගෙන ඇති බව සඳහන්.
ලීසිං වාරික ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එය ගෙවා ගැනීමට නොහැකිව විශාල පිරිසක් දුෂ්කරතාවට පත්වී සිටිනවා.
ඔවුන්ට සහන ලබා දෙන ලෙසට ගෙවී ගිය කාලය පුරාම බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවයි, එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේ.
Share This Article