මුළු කොළඹම අවුලමින් , ප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක් අසලින් හමුවූ දේ..
Sunday, 25 August 2024 - 14:27 | Views - 738
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සමිත්පුර චතුරංග නොහොත් චතු නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට අයත් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

මට්ටක්කුලිය අනිවත්ත ක්‍රීඩාංගනය අසල මාර ගසක් මුල වළදමා තිබියදී එය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

2022 අගෝස්තු මස 29 වැනි දින මට්ටක්කුලිය පොලිස් වසමේ දී අසිත නැමැති පුද්ගලයකු වෙඩ් තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඩුබායි රටට හොර රහසේ පලාගොස් සිටි කොළඹ 15 මට්ටක්කුලිය සමිත් පුර පදිංචි කේ. ඩී. චතුරංග පෙරේරා නොහොත් චතු නැමැත්තාට එරෙහිව අදාළ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොළිස් ස්ථානය මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසිය මගින් චතුරංග නොහොත් චතු නැමැත්තා අත්අඩංගුවට තිබිණි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඉකුත් ජූලි මස 2 වැනි දින අපරාධ කල්ලි සාමාජිකයා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කර විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කර තිබිණි.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අවශ්‍යතාවයක් වුව හොත් පරිහරණය කිරීම සඳහා ගනේ මුල්ල සංජීව නමැත්තා ලබා දුන් අත්බෝම්බයක් මට්ටක්කුලිය ක්‍රීඩාංගනයක් අසල වළ දමා තිබෙන බවට අනාවරණය කරන ලද තොරතුරු අනුව එම බෝම්බය සොයාගත් බව පොලිසිය කියයි.

චතුරංග නොහොත් චතු නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයේ සිටියදී ගනේ මුල්ල සංජීව සමග එක්ව වැල්ලම්පිටියේ අසංක නොහොත් පරිප්පුවා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top