පිරිමි වදවෙලා ගැහැනු වැඩි වෙන්නයි යන්නේ ?
Sunday, 25 August 2024 - 14:12 | Views - 293
මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ පවසනවා.
Y වර්ණදේහය නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනුන් වනු ඇති බවයි සඳහන්.
Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන්ය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි.
ඒ වසර මිලියනයකට ජාන 10 ක අහිමි වීමේ අනුපාතයකින්.
ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව ද සඳහන්.
( ලංකාදීප )
Share This Article