වාර්තා ගත ලෙස වැඩිවෙමින් යන , රන් මිල..
Sunday, 25 August 2024 - 10:20 | Views - 394
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වැඩිවෙමින් පවතිනවා.
ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 2,512.18ක් ලෙස දැක්වෙන අතර, එය ගතවූ මාසයට සාපේක්ෂව 5.22%ක ඉහළ යෑමක්.
පසුගිය මස 25 වනදා කැරට් 24 රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,225.51ක් ලෙසටයි.
එසේම, රත්රන් මිල වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති අතර, වටිනා ලෝහයේ සාමාන්‍ය බාර් එකක් වටිනාකම පළමු වරට ඩොලර් මිලියන එකක්(01) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ස්ථානීය රන් මිල පසුගිය බදාදා පස්වරුවේ අවුන්සයකට ඩොලර් 2,500.40 (£ 1,913.66) ලෙස ස්ථාවරව පැවති අතර රන් (GC=F) අවුන්සයකට ඩොලර් 2,536.20 දක්වා සුළු වශයෙන් පහත වැටුණා.
Share This Article