මරදානේදී දුම්රියක් පීලි පනියි , සියලු දුම්රිය ප්රමාදයි..
Sunday, 25 August 2024 - 9:59 | Views - 553
මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන්, දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව ඇති අතර, ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිර වී තිබෙනවා.
කෙසේ වෙතත්, මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article