දිනෙන් දින ඉහළට යන අවදානම , මෙන්න විශේෂ දැනුම් දීම..
Friday, 23 August 2024 - 15:56 | Views - 238
ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති mpox නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් තායිලන්තයෙන් ද වාර්තා වි තිබෙනවා .

අප්‍රිකාවෙන් පිටත දී mpox රෝගියෙකු වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි.

මේ අතර, mpox වෛරසය සඳහා එන්නත් සැපයීම කෙරෙහි ඩෙන්මාර්කයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් අවධානය යොමුකර තිබෙනවා.

අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍ය හරහා තායිලන්තයට පැමිණි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට පෙර දකුණු ආසියානු කලාපයෙන් නව mpox ප්‍රභේදය ආසාදිතයෙකු පාකිස්ථානයෙන් හඳුනාගෙන තිබුණා.

පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් පළමු වරට ආරම්භ වූ වඳුරු උණ වසංගත තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමි වුණා.

පසුව එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර, මේවන විට එහි ක්ලේඩ් වන් බී නමින් හැඳින්වෙන වඩාත් ප්‍රබල ප්‍රභේදයක්ද හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, ඩෙන්මාර්කයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන බාවේරියන් නෝර්ඩික් සමාගම mpox වෛරසය සඳහා එන්නත් සැපයීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

මේ අනුව, ලබන වසර අවසානය වනවිට එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබාදීමට සූදානම් අතර දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ ගබඩා කර ඇති බවත් එම සමාගම සඳහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top