එක පුටුවක් හිස් , කොමිසමට ආ දැනුම්දීම..
Friday, 23 August 2024 - 15:53 | Views - 199
තලතා අතුකෝරල මහත්මිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල පසුගිය 21 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇති බව පාර්ලිමේන්තුව සන්නිවේදන අංශය නිවේනදනය කරනවා.
Share This Article