පහළට ගිය බඩු මිල..
Friday, 23 August 2024 - 13:47 | Views - 829
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
මේ අනුව,
ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහළ දමා ඇති අතර,
එහි නව මිල රුපියල් 500ක්. දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිල රුපියල් 450ක් දක්වා සහ ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වා අඩුකර තිබෙනවා.
මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වාත්,
ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වාත්,
මිල පහළ දමා ඇති අතර, සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් පහළ දමා තිබෙනවා.
එසේම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 925ක්.
දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 226ක් දක්වා සහ කඩල කිලෝවක මිල රුපියල් 439ක් දක්වාත් මිල පහළ දැමීමටයි ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.
Share This Article