ජනපති සටනෙන් පසුව එන , පුංචි ඡන්දය ?
Friday, 23 August 2024 - 13:36 | Views - 278

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එම ඡන්ද විමසීම හැකි ඉක්මණින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු සඳහන් කළා. 

මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය තියෙන්නේ ජනාධිපතිවරණයට බවත් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීන්දු කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top