තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් , ගෑස් සිලින්ඩරයට..
Friday, 23 August 2024 - 12:00 | Views - 370
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරයන් දෙදෙනෙක්.
සාරතී දුෂ්මන්ත පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණේ, ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර ට එම තනතුර අහිමිවීමත් සමඟයි.
සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර අංගජන් රාමනාදන් යාපනය නියෝජනය කරන අයෙක්.
Share This Article